යාපනයේ ඉදි කිරීමට බලාපොරොත්තු වන අංග සම්පූර්ණ පිළිකා රෝහල සදහා ජනතා ආධාර අපේක්ෂාවෙන් දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා කෙරෙන පා ගමනේ තවත් අදියරක් ඊයේ ගල්ගමුවේ සිට තඹුත්තේගම දක්වා පැවති අතර ඒ සදහා වන ආධාර පා ගමනට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ද එක් විය.මහේල ගේ සොහොයුරා පිළිකා රෝගයෙන් මිය යෑම නිසා ඇති වූ කම්පනය හේතු කර ගනිමින් මහේල මීට පෙර මහරගම පිළිකා රෝහලේ නවීන පහසුකම් සමග අංග සම්පූර්ණ වාට්ටු සංකීරණයක් ඉදි කිරීමට පියවර ගත් අතර එහි දී මෙම පා ගමන සංවිධායකයන් විසින් ගෙන ගිය වැඩ පිලිවෙළ හේතු කොට මහේල ගේ එම උත්තරීතර සිහිනය සැබෑ කර ගන්නට හැකි විය.
මෙවර මුළු ලංකාවේ ම පිළිකා රෝගීන් සදහා ඇති මහරගම රෝහලේ පහසුකම් රෝගීන් ප්‍රමාණය හා සසදද්දී ප්‍රමාණවත් නොවන තත්ත්වය සළකා යාපනය ප්‍රදේශයේ අංග සම්පූර්ණ පිළිකා රෝහලක් ඉදි කිරීම වෙනුවෙන් මහජන ආධරය සහ සහයෝලය අපේක්ෂවෙන් මෙම පා ගමන දකුණේ සිට උතුර දක්වා ගමන් කරමින් සිටියි.ඒ සදහා බොහෝ ක්‍රීඩාවන්ට අදාළ ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙක් මෙම සත් කාර්‍යය ඇගයීම සදහා මෙම පා ගමනට සහභාගි වෙමින් සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී සිටියි. .
ඒ අනුව ඊයේ ගල්ගමුව සිට තඹුත්තේගම දක්වා පැමිණි මෙම පා ගමනට එක් වූ මහේල පා ගමනේ යෙදෙන අතරතුර බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි සමග පිළිසදරේ යෙදුණු අයුරු ඡායාරූපයේ දැක්වෙයි.මෙම පා ගමන් ස්ථානයෙන් ස්ථානයට සංවිධානය කිරීමේ වගකීම් බොහෝ විට මාස් පවුලේ ඇගළුම් කම්හල් විසින් සිදු කරන බව පෙනෙන්නට ඇති අතර ඒ අනුව ඊයේ පා ගමන සංවිධානය පැවරී තිබුණේ මාවතගම කැෂුවලයින් ආයතනය වෙත යි.
Sat, Jul 16, 2011 at 10:23 PM

